ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අල...
ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (20) දින නාවලපිටිය පදනම් කාර්යාලයේ පැවති අවස්තාවේදිය.
රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍ය ටි.වි.චානක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් පැවති නාවලපිටිය තරුණ බල මණ්ඩල රැස්විමේදි තරුණ තරුණියන් ලියාපදිංචි කිරිමක්ද සිදු කරනු ලැබුහ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ බලය ලබාගෙන වසර දෙකක් යනතුරු කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත්, එම කාලය තුල රටේ ජනතාවට පොරොන්දු වු දේ ඉටු කිරිමට නොහැකි වුවත් ඉදිරි වසර තුනක කාලයේදි එම පොරොන්දු ඉටු කිරිමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසිය.
රජය පිලිබදව කිසිදු අයෙකු සැකයක් තබාගත යුතු නොමැති බවත්,ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් මේ රට පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු රජය බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
No comments