Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලරය 400ට යනවා..ජනතාවට දරාගන්න බැරි වෙනවා..- පොහොට්ටු මන්ත්‍රී කියයි

විනිමය අනුපාත පාලනයකින් තොරව පැවතුනහොත් මැයි ජුනි මාසය පමණ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් හාරසිය සීමාව ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරම...

විනිමය අනුපාත පාලනයකින් තොරව පැවතුනහොත් මැයි ජුනි මාසය පමණ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් හාරසිය සීමාව ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී ඒ මහතා අද කියා සිටියේ අද වන විට ඩොලරය පාලනය අත හැරීමෙන් පසු එහි වටිනාකම රුපියල් 300 මට්ටමකට ඉහළ ගොස් ඇති බවයි.

මෙම තත්ත්වය මත ඉදිරි කාල සීමාවේදී ජනතාවට දරාගන්න බැරි මට්ටමට ජීවන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බව ද පැවසූ ඔහු තමන්ගේ ඇස්තමේන්තුව නම් ජූනි මාසය පමණ වන විට ඩොලරය රුපියල් 400 මට්ටමට යනු ඇති බව ද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමිනි

 

No comments

Ads Place