Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන නැව් 4ක් අවලංගුයි..යළිත් ඉන්ධන හිගයක්..?

ඞීසල් හිඟය මේ සතිය අවසන්වන විට හමාර වන බව බලධාරීන් ප‍්‍රකාශ කළද මේ සතිය අවසන් වනතෙක් එය පවතිනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි. ඊයේ...

ඞීසල් හිඟය මේ සතිය අවසන්වන විට හමාර වන බව බලධාරීන් ප‍්‍රකාශ කළද මේ සතිය අවසන් වනතෙක් එය පවතිනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

ඊයේ මුතුරාජවෙල පර්යන්තය වෙත ඞීසල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක පමණ ඞීසල් තොගයක් ගොඩබෑම සිදුකළත් එය ඉදිරි දින තුන හතරකට ප‍්‍රමාණවත් බවද එම ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර පෙට‍්‍රල් සහ ඞීසල් නැව් 04 ක් එළඹෙන 17 සහ 18 දිනවල පැමිණීමට නියමිතව තිබුණත් එම ඉන්ධන නැව්ද අවලංගු වී ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය.


සපුගස්කන්ද පිරිපහදුව මගින් නිපදවනු ලැබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 7000 ක් පමණ තිබෙන බවත්, තව දින කිහිපයකින් බොරතෙල් අවසන්වීම නිසා එම පිරිපහදුවද නැවත නවතා දැමීමට සිදුවන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය.

 

No comments

Ads Place