Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑසුත් ඉහළට..සිලින්ඩරය 3500 පනී

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 කින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ. ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ ය...


කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 කින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ.


ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම නැව් ගාස්තු රක්ෂණ ගාස්තු ඩොලරයේ මිල ඉහළ යාම ආදී හේතූන් මත මෙම මිල වැඩි කිරීම සිදු කළ යුතු බව එම සමාගම් ආරංචි මාර්ග කියා සිටිය.


දැනට ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක් ඩොලර් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර නැව් ගාස්තු 31% කින් වැඩි වී ඇත.


මෙම තත්වයන් නිසා ගෑස් මිල වැඩිවීම ඉක්මනින්ම සිදු ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියා සිටී.


ඒ අනුව දැනට රුපියල් 2750ක් වන 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3500 ඉක්මවූ මිල වැඩි කිරීමක් සිදු වනු ඇත.


කෙසේ වෙතත් රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ මිල වැඩි කිරීම සදහා ඉල්ලීමක් ඇතත් මෙතෙක් ඒ සදහා තීරණයක් ගෙන නැති බවයි.

 

No comments

Ads Place