Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නැතුව අත්‍යාවශ්‍ය ආහාර කන්ටේනර් 2500ක් වරායේ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ලද කන්ටේනර් 2500කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ලද කන්ටේනර් 2500කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒවා මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව ද සංගමයේ නිලධාරියෙක් පැවැසීය.

මාසයකට වැඩි කාලයක සිට මෙම කන්ටේනර තොගය එකතු වී ඇති බවද පැවසූ ඔහු සහල්, සීනි, කඩල, පරිප්පු, වියලි මිරිස්, කරවල, කොත්තමල්ලි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් ම ඒවායේ ඇතැයිද කියා සිටියේය

 

No comments

Ads Place