Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෙරවලපිටිය නවතී..පැය 10ක විදුලි කප්පාදුවක්

දැවිතෙල් නොමැතිකම හේතුවෙන් කෙරවළපිටිය තාප බලාගාරයේ විදුලි උත්පාදනය නවතා දමා ඇත. මෙම තත්ත්වය මත පවතින විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ විය හැකි...

දැවිතෙල් නොමැතිකම හේතුවෙන් කෙරවළපිටිය තාප බලාගාරයේ විදුලි උත්පාදනය නවතා දමා ඇත.

මෙම තත්ත්වය මත පවතින විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ විය හැකි බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවිතෙල් සපයා ගැනීම අර්බුධයක් වී තිබේ.

විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග කියා සිටින්නේ ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම් පහත බැසීමත් සමග ඉදිරි සතියේදී පැය 10ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට වනු ඇති බවයි.

මේ අතර පවතින කාලගුණ තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් එළඹෙන අලුත් අවුරුදු සමය වන විට දෛනික විදුලි කප්පාදුව තවදුරටත් වැඩි කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අගවයි.

ජාතික විදුලිබල පද්ධතියට විශාල දායකත්වයක් ලබාදෙන ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී වැටී තිබීම මත මෙම තත්වය ඇතිවී තිබේ.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවොත් දෛනික විදුලි සැපයීමට ද දැඩි බාධාවක් වන බව ඔවුන් පෙන්වා දෙයි.

පවතින අර්බුදය හමුවේ ප්‍රධාන තාප විදුලි බලාගාරයන් ද විටින් විට අකර්මණ්‍ය වීම මත දෛනික විදුලි කප්පාදු කාලය වැඩිවීමට බලපාන බවද ඔවුහු සඳහන් කරති.

ජල විදුලි බලාගාර වල විදුලි නිෂ්පාදනය අඩු වුවද තාප විදුලි බලාගාර වලින් විදුලිය ලබා ගැනීමට නිසි වේලාවට ඉන්ධන හෝ ගල් අඟුරු ලබා දෙන ලෙසට දැනටමත් විදුලිබලමන්ඩලය විසින් බලධාරීන් දැනුවත් කර ඇත.

 

No comments

Ads Place