Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IOC මිල වැඩි කිරීමෙන් සිපෙට්කෝ අමාරුවේ...

ලංකා ඉන්දීය සමාගම විසින් නැවත වතාවක් තම තෙල් මිල ඉහල දැමීම හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. ඉන්දීය ...

ලංකා ඉන්දීය සමාගම විසින් නැවත වතාවක් තම තෙල් මිල ඉහල දැමීම හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඉන්දීය තෙල් සමාගම මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වලින් ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාහක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ තත්ත්වය මත ඉදිරියේදී ඉන්ධන සැපයුම අභියෝගයක් වනු ඇතැයි අමාත්‍යංශය කියා සිටී.

එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීමෙන් වළකින ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර තෙල් සංස්ථාවට ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් දා පැවති කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

 

No comments

Ads Place