මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. මැතිඇමතිවරුන්ට පාපැදියෙන් පැමිණීම ආරක්ෂක ප්...
මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
මැතිඇමතිවරුන්ට පාපැදියෙන් පැමිණීම ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් එකවරම ක්‍රියාත්මක කළ නොහැකි වුවත් සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන්ඨ පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන බවද සඳහන් කළේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
No comments