ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හෝ පක්ෂයේ කිසිවකුට සීරීමක තරම් හානියක් සිදු කළහොත් එහි වගකීම ආණ්ඩුවට ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි...
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හෝ පක්ෂයේ කිසිවකුට සීරීමක තරම් හානියක් සිදු කළහොත් එහි වගකීම ආණ්ඩුවට ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම පක්සයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ අපරාධකරුවන් කිසිදු පරීක්ෂණයකින් තොරව මුදාහරින ආණ්ඩුව ඊට වගකිය යුතු බවය.
පසුගියදා ගම්පහ දිසා සමුළුව පැමිණි ප්රහාරකයන් අල්ලා පොලිසියට බාර දුන්නද දැන් ඔවුන් රෝහලින් පිටව ගොස් ඇති බවද ඔහු කියා සිටියේය.
පොලිසිය ඔවුන්ගෙන් ප්රකාශයක් පමණක් ලබාගෙන ඇති බවත් අත්අඩංගුවට ගෙන නැති බවත් පැවසූ ඔහු ඒ අනුව පෙනී යන්නේ මේ පසුපස බලගතු බලවේගයක් සිටින බව බව යැයිද පැවසීය.
No comments