රට තුළ විශාල ආර්ථික අර්බුදයක් උද්ගතව තිබියදී ඒ ගැන ප්‍රකාශක් කරන්න හෝ ප‍්‍රශ්න කරන්න මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව සමගි ජන බ...
රට තුළ විශාල ආර්ථික අර්බුදයක් උද්ගතව තිබියදී ඒ ගැන ප්‍රකාශක් කරන්න හෝ ප‍්‍රශ්න කරන්න මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
අද රටේ විශාල ආර්ථික ප්‍රශ්ණයක් තියනවා නමුත් මුදල් ඇමතිතුමා වචනයක් කතා කරනවද මේ ගැන එතුමා පාර්ලිමේන්තුවත් එන්නේ නෑ. ලැජ්ජා නැතිව ලෝකේ වටේ ගිහින් හිගා කනවා.බංගලාදේශයෙන්” ඉන්දියාවෙන් හිගා කනවා ලැජ්ජා නැද්ද. නමුත් දේශානුරාගය ගැන කියලයි ජන්දය ගත්තේ. මේ අය ගෙනාපු 20 වැනි සංශෝධනය නිසයි එක්සත් ජාතීන්ගේ සංගමය අපිට විරුද්ධව යෝජනාවක් සම්මත කලේ. 20වැනි සංශෝධනයෙන් ජනාධිපතිතුමා උඩින් තියලා එතුමා යටතට අනික් ඔක්කොම දැම්මා. අධිකරණය” රාජ්‍ය පරිපාලනය මේ සියල්ල එතුමා යටතට දැම්මා. ඒ අයට ස්වාධින තීරණයක් ගන්න බැ. ජාත්‍යන්තරය අපි කියන්න හොද නෑ අපි හරි කියලා” ජාත්‍යන්තරයයි එක කියන්න ඕනේ .
No comments