Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිය කපන වෙලාවන් හරියට දැනුම් දෙන්නැයි ජනපති කියයි

විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් එම කප්පාදුව සිදු කරන වේලාවන් පැහැදිලිව දැනුම් දීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව ශ්...

විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් එම කප්පාදුව සිදු කරන වේලාවන් පැහැදිලිව දැනුම් දීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ බව අදාල ආයතනයන්ට දැනුම් දී ඇති බවත් ඔවුන් එය තීන්දු කර දැනුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ උත්සාහය විදුලිය නොකපා ජනතාව ආරක්ෂා කරගෙන යාමට බව මතවාදයක් ලෙස අදහස් පළ වූ බවද ඔහු පැවසීය.

එම හමුවට ගොස් ආපසු පිට වෙන අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව මාධ්‍ය වෙත කියා සිටියේය.

 

No comments

Ads Place