Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව පුශ්පිකා ද සිල්වාගෙනුත් ප්‍රකාශ ලබා ගනී

ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිලියන්දල පොලිසියට අද පෙරවරුවේ කැඳවා තිබේ. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නි...

ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිලියන්දල පොලිසියට අද පෙරවරුවේ කැඳවා තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අදාල ප්‍රහාරය එල්ල වීමට පෙර චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක සාකච්චාවක් සදහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය එක්ව තිබින.

එහිදී ආන්දෝලනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

පුෂ්පිකාද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගෙන කැඳවා ඇති අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දිගුවක් ලෙසයි.

පසුගිය 14 වැනිදා සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල වූ අතර මේ දක්වා ඒ පිළිබඳව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත

 

No comments

Ads Place