Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරකයන් කොරෝනා නීති නොතකති

දිර්ඝ නිවාඩුවට විදේශිය සංචාරකයන් සහ දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණි බවත්, එසේ පැමිණි ඇතැම් දේශිය සංචාරකයන් සෞඛ්‍ය මාර්ග උපදෙස...

දිර්ඝ නිවාඩුවට විදේශිය සංචාරකයන් සහ දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණි බවත්, එසේ පැමිණි ඇතැම් දේශිය සංචාරකයන් සෞඛ්‍ය මාර්ග උපදෙස් නොපිලිපදිමින් කටයුතු කරන බව නුවරඑලිය සංචාරක ලියාපදිංචි සංචාරක නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පේගමගේ මහතා පැවසිය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටියේ නුවරඑලිය ලියාපදිංචි සංචාරක නිකේතන හිමියන්ගේ සංගමයේ ලියාපදිංචි සංචාරක නිකේතන වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ග උපදේස් වලට අනුකුලව නවාතැන් පහසුකම් ලබාදුන්නද එසේ ලියාපදිංචි වි නොමැති නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක නිකේතන  සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සෞඛ්‍ය මාර්ග උපදෙස් නොපිලිපදිමින් කටයුතු කරන බවයි.

නුවරඑලියට පැමිණෙන දේශිය සංචාරකයන්ද සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුකුලව කටයුතු කල යුතු බවත්, ඒ පිලිබදව සෞඛ්‍ය අංශ මිට වඩා සොයා බැලිමක් සිදු කල යුතු බවයි මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටින්නේ.

නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ සහකාර කලමණාකාර හිරාන් කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ නුවරඑලියට පැමිණෙන දේශිය සංචාරකයන් සෞඛ්‍ය මාර්ග උපදේශ පිලිපදිමින් විනෝද විම් කටයුතු සිදු කල යුතු බවයි.

ගත වු දිර්ඝ සති අන්ත නිවාඩුවට නුවරඑලියට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් සෞඛ්‍ය මාර්ග උපදේශ වලට පටහැනිව කටයුතු කරන අයුරු අප කැමරාවේ සටහන් වි තිබුණි.

 

No comments

Ads Place