Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්ශ නායකගෙන් මුදල් ඇමතිට ආර්ථික පාඩමක්..

මුදල් අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග යටතේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිහිපයක්ම අ...

මුදල් අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග යටතේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිහිපයක්ම අසනු ලබීය.

ඒ මොහොතේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි දිගින් දිගටම මුදල් අමාත්‍යවරයා මන්ත‍්‍රීවරුනගේ ප‍්‍රශ්න මග හරිමින් සිටින්නේ යයි විපක්‍ෂයෙන් චෝදනාද එල්ල විය.

කෙසේ වෙතත් විපක්ෂ නායකයා වරයා විසින් සිය ප‍්‍රශ්න සභාව හමුවේ ඉදිරිපත් කලේය.

ඔහුගේ සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බව සැමටම පෙනෙන්නට ඇති කරුණකි. මෙයට ප්‍රධානතම හා එකම හේතුව ලෙස ආණ්ඩුව සෑමවිටම පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයයි. මෙම ආර්ථිකය බිඳවැටීමේ බර හා පීඩාව බරපතල ලෙස දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවටය.

රටේ මූල්‍ය ස්වභාවයේ අසාමාන්‍ය වෙනස්වීම් හෝ අස්ථාවරත්වයන් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවධියෙන් සිට සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වගකිව යුතු ආයතන පිහිටුවා තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව අන් කිසිදු රටක් මුහුණ නොදුන් ආර්ථික අවපාතයකට අප රට මුහුණ දෙමින් සිටින්නේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු මුදල් අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය හා මහ බැංකුව තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමේ හේතුව නිසාය.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, මතුපිට උද්ධමනය 2021 ජනවාරි මාසයේ 3% සිට 2022 ජනවාරි මාසයේදී 14.2% දක්වා වර්ධනය විය. ආහාර උද්ධමනය 6.8% සිට 25% දක්වා වර්ධනය විය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 64 (2) වගන්තිය යටතේ මුදල් සැපයුමේ ප්‍රමාණය පෙර වසරේ අදාළ මාසය අවසානයේ දී පැවති මට්ටමට වඩා සියයට පහළොවක (15%) වෙනසක් හෝ ජීවන වියදම් දර්ශකයේ සියයට දහයක (10%) වෙනසක් ඇත්නම්, මුදල් මණ්ඩලය විසින් මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත, අවම වශයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත, විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. මහජන යහපතට අගතියක් නොවන්නේ නම්, එය ප්‍රසිද්ධියට පත් කළ යුතුය. එම වාර්තාවේ;

 අපේක්ෂිත ආර්ථික කැළඹීම් හෝ මුදල් සැපයුමේ හෝ මිල මට්ටමේ අසාමාන්‍ය චලනයන්ට හේතු;
 අසාමාන්‍ය ආර්ථික චලනයන් නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, රැකියා හා සැබෑ ආදායම් මට්ටමට ඇතිවිය හැකි බලපෑම, හා
 මෙම වෙනස්වීම පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේ දී සිදු කළ යුතු යැයි නිර්දේශ කරන මුදල්, රාජ්‍ය මූල්‍ය හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග
ඇතුළත් විය යුතුයි. එසේනම්,
1) මුදල් මණ්ඩලය විසින් මෙම වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේද? එසේ නොමැති නම් 64(2) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉල්ලා තිබේද?
2) මුදල් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම්, මෙම මුදල් සැපයුමේ සහ මිල ගණන්වල ඉහළ යාම පාලනය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
3) මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ඔවුන් විසින් රජයට සිදු කර ඇති නිර්දේශ මොනවාද?
4) විශේෂයෙන්ම ආහාර උද්ධමන වර්ධනය ද සමගින් උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතු වූ කරුණු මොනවාද?
5) මිළ ඉහළ යාම කෙරෙහි සංචිත මුදල් 37.5%කින් වර්ධනය වීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවාගෙන ඇති භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රමාණාත්මක වර්ධනය හේතු වී ඇත්තේ කෙසේ ද?

දළ නිල සංචිත 2019 අවසානයේ එ. ජ. ඩො. බිලි. 7.7 සිට 2020 අවසානයේ එ. ජ. ඩො. බිලි. 5.7 දක්වා ද 2021 නොවැම්බර් අවසානයේ එ. ජ. ඩො. බිලි. 1.6 දක්වා ද පහත වැටී ඇත. මෙම පහත වැටීම තුළ වසරක් ඇතුළත ආනයන ආවරණ හැකියාව මාස 4.2 සිට මාසයක් (1) දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 68(1) වගන්තිය යටතේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂයේ බරපතල කඩා වැටීමකට හෝ එවන් තත්ත්වයන් ඇතිවිය හැකි බවට හෝ ඒ සඳහා විභවීය තර්ජනයක් ඇති බවට මුදල් මණ්ඩලය පුරෝකථනය කරයි නම්, එම තත්ත්වයන් පාලනය සඳහා ප්‍රතිපත්ති සකස් කොට ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන විශ්ලේෂණාත්මක වාර්තාවක් මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාවේ;

 ශ්‍රී ලංකා රුපියලේ ජාත්‍යන්තර ස්ථාවරත්වයට සිදුවිය හැකි තර්ජනයේ ස්වභාවය, හේතු හා විශාලත්වය, හා
 මණ්ඩලය විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා රජය විසින් ක්‍රියාත්මක කල යුතු බවට නිර්දේශ කරන මූල්‍ය, රාජ්‍ය මූල්‍ය හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතුයි.

එසේ නම්,

6) මුදල් මණ්ඩලය මෙම වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේද? එසේ නොමැති නම් 68(1) වගන්තිය යටතේ මුදල් ඇමැතිවරයා මෙම වාර්තාව ඉල්ලා තිබේද?
7) මුදල් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම්, මෙම විදේශ සංචිත අඩුවීම ආමන්ත්‍රණයට මුදල් මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
8) මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ඔවුන් රජයට නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග මොනවාද?

ශ්‍රී ලංකා රුපියලට එ.ජ.ඩො. විනිමය අනුපාතය 2020 සැප්තැම්බර් මාසයේ රු.185 සිට 2021 මැයි වන විට රු.200 දක්වා තියුණු ලෙස අවප්‍රමාණය විය. 2021 මැයි මාසයේ සිට සැප්තැම්බරයේ රු. 210 මට්ටමට එළැඹෙන තාක් සාපේක්ෂ වශයෙන් එය ස්ථාවර අගයක පැවතිණි. 2021 සැප්තැම්බර් මාසයේ සිට මහ බැංකුවේ මැදිහත්වීම මත රුපියල 203 අගයකට “ස්ථාවර” කර ඇත. කෙසේ වෙතත්, අද වනවිට කළුකඩ මිල රුපියල් 240ක් පමණ වේ.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 65 වැනි වගන්තිය යටතේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා රුපියලේ මුහුණත අගය පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. එවැනි මුහුණත අගයක් තීරණය කර නොමැති අවස්ථාවක ජාත්‍යන්තර ගනුදෙනු සඳහා එහි නිදහස් භාවිතය සහතික කෙරෙන පරිදි වෙනත් මුදල් ඒකක සමග හුවමාරු වීමට රුපියලට අවකාශ සැලසිය යුතුය.

මේ වනවිට සංක්‍රමිණකයෝ තවදුරටත් සිය ඉපැයුම් රටේ නිල බැංකු හරහා ප්‍රේෂණය නොකරති. ඒ අනුව, නිල සංක්‍රමණික ප්‍රේෂණ 2021 ජූනි මාසයේ සිට පහත වැටෙන්නට විය. මෙය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ අගයකින් පහත වැටීමකි.

එසේනම්,

9) මුදල් මණ්ඩලය මගින් මුදල් නීති පනතේ 65 වැනි වගන්තිය උල්ලංඝනය කොට නොමැති බවට මුදල් ඇමැතිවරයා සෑහීමකට පත්ව සිටින්නේද?
10) පසුගිය වසරේ සිට මේ දක්වා සංක්‍රමණික ප්‍රේෂණ අඩුවීම සාධාරණීකරණය කිරීමට මුදල් අමාත්‍යවරයාට හැකිද?
11) එසේ නොමැති නම්, මුදල් අමාත්‍යවරයා විසින් විනිමය විධිවිධාන සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා තිබේද?

 

No comments

Ads Place