Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිල, ඉතිහාසගත තෙල් මිල වැඩි කිරීමක් ඉල්ලයි

ඉන්ධන මිල වැඩි කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල්...

ඉන්ධන මිල වැඩි කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

තමන් අද දිනයේ මෙම ඉල්ලීම කළ බවක් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තෙල් සංස්ථාව විසින් ඉල්ලා ඇති මිල සංශෝධනය ලබා දුන හොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බවද පැවසූ අමාත්‍යවරයා පාරිභෝගිකයා අපහසුවට පත්වන පරිදි මිල වැඩි කිරීමට සූදානම් නැති බවද කියා සිටියේය.

මේ අතර තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සංස්ථාව මුහුණ දෙන අලාභය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම එක දිනකින් හෝ පමා කළොත් එය දරාගත නොහැකි පාඩුවක් වන බවයි.

 

No comments

Ads Place