Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉතිහාසයේ අසාර්ථකම දේශපාලකයා සජිත්...

තම දේශපාලන ඉතිහාසයේ දුටු අසාර්ථකම දේශපාලඥයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දාන...

තම දේශපාලන ඉතිහාසයේ දුටු අසාර්ථකම දේශපාලඥයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්විම (05) දින පස්වරුවේ නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය හමුවේ ගත වු වසර දෙක තුල රටේ ජනතාවගේ ජිවන බර ඉහල ගිය බවත්, ඉදිරි වසර තුන තුලදි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යා දැක්ම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන බවයි.

ගත වු වසර දෙක තුල මේ රට සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ මහතා පාලනය කලේ නම් රටේ ජනතාව විශාල විපතකට පත්විමට ඉඩ තිබු බවත්,වසර දෙක තුල මේ රටේ ජනතාවට එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදු කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණු බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මෙම කාන්තා බල මණ්ඩල රැස්විමට පා. මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහතාද සහභාගි විය.

 

No comments

Ads Place