Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නිසා සෞභාග්‍යයෙ දැක්ම හරියට කරන්න බැරි වුනා...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද නවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල සමුළුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද නවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල සමුළුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් නාවලපිටිය පොදුජන පෙරමුණ රැස්වීම ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාල සීමාවේ දී කොරෝනා වසංගතය හේතුවෙන් ගමට පැමිණ තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට නොහැකි වූ බවයි. 2023 වන විට නාවලපිටියෙ ආසනයේ සෑම නිවසකටම සඳහාම පානීය ජලය ලබාදීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

තම රජය අවුරුදු පහක් සඳහා රට භාර ගත්තද කොරෝනා වසංගතය සඳහා අවුරුදු දෙකක කාලයක් කැප කිරීමට සිදු වූ බව ද කෙසේ වුවද සෞභාග්‍යය දැක්ම යටතේ දුන් පොරොන්දු ඉදිරියේ දී අනිවාර්යෙන්ම ඉටුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් අලුත්ගමගේ සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය විසින් ගෙනගිය වැඩපිලිවෙල මෙන්ම මෙවර අයවැය යෝජනා හරහා රටත්, රටේ ජනතාවගේ ආර්ථිකයත් ගොඩනැංවීම සිදුවන ආකාරය පිළිබඳව මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් හමුවේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මැතිතුමිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘතියාධිකාරි මණ්ඩල සභික විධායක නාලනී පෙරේරා මහත්මිය, පස්බාගේකෝරලේ සහ ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය සභාවල සභාපතිතුමන්ලා, නාවලපිටිය නගර සභාවේ නගරාධිපතිතුමා, නාවලපිටිය ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළුව විශාල ජනකායක් එක්ව සිටියා.

 

No comments

Ads Place