Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩිසල් නැතුව බස් මග නවතියි...

ඉන්ධන හිගය ඇතුළු විවිධ ප්‍රශ්න හේතුවෙන් පෞද්ගලික බස් රථ වලින් 50%ක් ධාවනයෙන් ඉවත් වී ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි ...

ඉන්ධන හිගය ඇතුළු විවිධ ප්‍රශ්න හේතුවෙන් පෞද්ගලික බස් රථ වලින් 50%ක් ධාවනයෙන් ඉවත් වී ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ නිතර නිතර ඇතිවන ඉන්ධන හිගය හේතුවෙන් තවදුරටත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බවයි.

කොරෝනා ආරම්භක කාලයේ බස් රථ ධාවනය නතර කල නිසා පෞද්ගලික බස් රථවල රියදුරන් හා කොන්දොස්තරවරු තම රැකියා අහිමි වීම් මත වෙනත් රැකියා සොයා ගෙන ඇති නිසා ඔවුන්ගේ හිගයක් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 250ක් පමණ දෛනික ගමන්වාර අවලංගු කර ඇති බවයි.

ඇතැම් බස්රථ ගමනාන්තයට යාමට නොහැකිව ඉන්ධන අවසන් වූ අවස්ථා ඇති බව ද එහි සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.

ඉන්ධන බස් රථ ධාවනයට දැඩිව බලපා ඇති බවත් මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම මෙන්ම බස් රථ හිමියන් ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place