Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයක් නෑ..-මුදල් ඇමති

මාස තුනකට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනය කර තිබෙන බව රේගුවේ දත්ත අනුව පැහැදිලි වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත...

මාස තුනකට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනය කර තිබෙන බව රේගුවේ දත්ත අනුව පැහැදිලි වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් විවිධ ප්‍රදේශවලට භාණ්ඩ බෙදා හැරීමේ දත්ත තවම ලැබී නැතත් මාස තුනකට ප්‍රමාණවත් වන ලෙස භාණ්ඩ වෙළඳ පොලේ ඇති බව ද ඔහු කියා සිටියේය.

එක් ප්‍රදේශයක තිබෙන ඇතැම් භාණ්ඩ විවිධ හේතුන් මත වෙනත් ප්‍රදේශවල නැති විය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කයේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

ඇතැම් භාණ්ඩ තොග ගබඩා කිරීම හෝ වෙළඳාමට කොන්දේසි වැනි තත්ත්වයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට වෙළඳුන් උත්සාහ කළහොත් එවන්නන් නීතිය හමුවට ගෙන යන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

 

No comments

Ads Place