Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති යන පාරේ පෝස්ටර් ගලවන්නැයි නියෝග කරලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන මාර්ගයේ අලවා තිබූ තම පක්ෂයේ ප්‍රචාරක පෝස්ටර් ඉවත් කරවන ලෙස මිරිහාන පොලිසිය නියෝග කර ඇතැයි ජනතා විමුක්ත...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන මාර්ගයේ අලවා තිබූ තම පක්ෂයේ ප්‍රචාරක පෝස්ටර් ඉවත් කරවන ලෙස මිරිහාන පොලිසිය නියෝග කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා සඳහන් කරයි.

ඇඹුල්දෙණිය මාදිවෙල ප්‍රධාන පාරේ පැවැත්වීමට නියමිත වූ තම පක්ෂයේ රැස්වීමක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා එම මාර්ගයේ යාමට නියමිත බැවින් එම පෝස්ටර් ගලවන ලෙස මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කළ බව තමන් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් පැවසූ බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ම ප්‍රචාරක දැන්වීම් ගැලවීමට තමන් කිසිදු නියෝගයක් ලබා නොදුන් බවත් එවන් රැස්වීමක් ගැන පවා තම තමන් දැනුවත් නැති බවත් මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර කරයි.

නමුත් රැස්වීමක පත්‍රිකා පාරේ තැන්තැන්වල ඇලවිය නොහැකි බවත් ඒ සඳහා සකස් කර ඇති දැන්වීම් පූර්ව අදාල පෝස්ටර් යුතු බවත් ඔහු අවධාරණය කළේය.

 

No comments

Ads Place