Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළු සල්ලි කතාවෙන් ලංකාව ජිනීවාහීදී අමාරුවේ...

මෙරට පැවැති යුද සමයේ දී කළු සල්ලි යොදවා උතුරු කොරියාව ඇතුළු රටවලින් ආයුධ මිලදී ගත්තේ ඇයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මාධ්‍යයට ...

මෙරට පැවැති යුද සමයේ දී කළු සල්ලි යොදවා උතුරු කොරියාව ඇතුළු රටවලින් ආයුධ මිලදී ගත්තේ ඇයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මාධ්‍යයට කර ඇති ප්‍රකාශය ගැන අන්තර්ජාතික සංවිධාන හා තානාපති කාර්යාල රැසක අවධානය යොමුව ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

මුදල් ඇමතිවරයාගේ එම ප්‍රකාශයෙන් ජාත්‍යන්තර සංග්‍රාම ප්‍රමිති හා මානව හිමිකම් වටිනාකම් සම්බන්ධයෙන් හටගෙන ඇති බව කියන විවාද සම්පන්න කරුණු මත මෙසේ අවධානය යොමුව තිබේ.

මුදල් අමාත්‍යවරයා කළ එම ප්‍රකාශය කරුණු පිළිබඳව විධිමත් විමර්ශනයක් කළ යුතු බවට සංවිධාන හා තානාපති කාර්යාල ජත්‍ය්න්තර මට්ටමින් සාකච්ඡාවට ගෙන ඇති බවද වාර්තාවේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන මෙරට ජේෂ්ඨ නීතීඥයෙක් සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා එතරම් සැලකිල්ලට නොගෙන අදාළ ප්‍රකාශය කළ බව පෙනී ගියත් එය ජාත්‍යන්තරය හමුවේ බරපතළ අවධානයට ලක්ව ඇති බවයි.

එය ඉදිරියේ දී පැවැත්වුණු ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසි වලදී අනිවාර්යෙන්ම ආන්දෝලනයට තුඩු දෙන මාතෘකාවක් වනු ඇති බව ද ඔහු පැවසීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය නිසැක වශයෙන් ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන වල අවධානයට ද යොමු වනු ඇති බවයි.

එම අරමුදලේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක මෙවැනි ප්‍රකාශයන් ජනගත වීම ඒ සමග පැවැත්වෙන සාකච්ඡා වලට බල පැවැත්වෙනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

 

No comments

Ads Place