Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිය කපන්නට සිදුව ඇත්තේ උමා ඔය නැවැත්වූ නිසා

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ නිමකර තිබුණානම් අද විදුලි කැපීමක් සිදුනොවන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යය සහ ...

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ නිමකර තිබුණානම් අද විදුලි කැපීමක් සිදුනොවන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීර්ඝ කාලයක සිට නොවිසඳී තිබූ ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ලබාදීමේ උත්සවයට එක්වෙමින්.
මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණ ශ්‍රවනාගාරයේ දී මෙය පැවැත්විණි.
දකුණු පලාත් ඉඩම් දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව පවුල් 273 ක් සඳහා මෙලෙස ඉඩම් ලපත්‍ර ලබා දෙන ලදී.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම සඳහන් පරිදි සෑම පුරවැසියෙකුටම නිරවුල් ඉඩම ලබාදීම රජයේ අරමුණයි.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා ලෙස දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් උපදෙස් දෙන ලදී.

 

No comments

Ads Place