Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමුදිත මීට පෙරත් පොලීසියට පැමිණිලි කරලා..පියවරක් අරන් නෑ

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට එල්ල කරන ලද ප‍්‍රහාරය සම්බව්ධයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහ...

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට එල්ල කරන ලද ප‍්‍රහාරය සම්බව්ධයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙත එල්ලකරන ලද බියගුළු හා නින්දිත ප්‍රහාරය හෙලා දකිමු

2022/02/14 දින අලුයම් කාලයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලකරන ලද බියගුළු හා නින්දිත ප්‍රහාරය එක්සත් ජාතික නිදහස් පෙරමුණ තරයේ හෙලා දකිමි.

ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් වර්ධනය වෙමින් පවතින බව මෙම ප්‍රහාරයත් සමග සනාත වෙමින් පවතී.මාධ්‍ය නිදහස සම්බන්දයෙන් පසුගිය දසක දෙකකට ආසන්න කාලය තුල ශ්‍රීලංකාවට ඇත්තේ ඉතා හොද අත්දැකීම් නොවන අතර ඝාතනය කිරීම්,පැහැරගෙන යාම්,අත්පා අහිමි කිරීම්,නිවාසවලට පහරදීම්,යනාදී නින්දිත ක්‍රියාවන්ගෙන් එකී ඉතිහාසය කිලිටිවී තිබේ.

චමුදිත සමරවික්‍රම මහතා හෝ ඔහුගේ නිවස ඉලක්කකොට  මෙම අශිලාචාර ප්‍රහාරය එල්ල වුවද මෙය අප පක්ෂය විසින් දකිනුයේ සමස්ථ මාධ්‍යවේදීන් හා නිදහස් ප්‍රවෘත්ති පලකරනු ලබන මාධ්‍ය වෙත පොදුවේ කරන ලද බරපතල අනතුරු ඇගවීමක් ලෙසය.ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් උදේ සවස පුරසාරම් කියවමින් කාලය ගතකරන පාලකයන් සිටින ආණ්ඩුවක් යටතේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ ඉරණම මෙය නම් සාමන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව සම්බන්දයෙන් කවර ආරක්ෂාවද යන්න අපි ප්‍රශ්න කර සිටිමු.

රටේම ආරක්ෂාව තරකොට ඇති බවට ආණ්ඩුව කීවද චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අශුචි හා ගල් ප්‍රහාර දී උඩට වෙඩි තබා පලායන්නට ප්‍රහාරකයන් සමත්වී තිබේ.තවද චමුදිත සමරවික්‍රම මහතා මිට ප්‍රථම තමාට මරණීය තර්ජන ඇති බවට පැමිණිලිකොට තිබියදී පවා පොලීසිය ඒ සම්බන්දයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න අපි ප්‍රශ්න කර සිටිමු.

කාගේ වුවමනාවට කවුරුරුන් විසින් සිදුකරන ලද ප්‍රහාරයක්ද යන්න තවමත් මෙය අනාවරණය වී නැත.කෙසේ නමුත් ආණ්ඩුවේ වගකීම වන්නේ මේ සම්බන්දයෙන් සාධාරණ විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙහි සත්‍යය රටට හෙළිදරව් කිරීමයි.ආණ්ඩුවේ පසුපෙළ යැයි කියාගන්නා කිසියම් කල්ලියක් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මෙය වෙනත් දිසාවකට යොමු කිරීමට උත්සහ දැරීමම අප තුල යම් යම් සැක සංකා මතු කිරීමට හේතුවී ඇති බව මෙහිදී සදහන් කල යුතුව ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ඕනෑම නිදහස් මාධ්‍ය ආයතනයක් හෝ  මාධ්‍යවේදියෙක් වෙනුවෙන් සාධාරණ හා ප්‍රජාතනත්‍රවාදී හඩක් නැගීමට අප නිරන්තරයෙන් පක්ෂයක් ලෙස මැදිහත්වන බවද මෙහිදී සදහන් කල යුතු අතර ඔවුන්ගේ ජිවිත අයිතිය වෙනුවෙන් ඉදුරාම පෙනීසිටින බවද අවධාරණය කරන්නෙමු

 

No comments

Ads Place