Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංවිමට ඩීසල් ලබා දීම සිපෙට්කෝ නවතයි

විදුලි බලාගාර සඳහා විදුලිය උත්පාදනයට ඩීසල් නිකුත් කිරීම ගැටලුසහගත තත්ත්වයක් උදාවී තිබේ. ඒ අනුව දැනට විදුලිය නිපදවීම සඳහා දිනකට ලබාදිය හැක්කේ...

විදුලි බලාගාර සඳහා විදුලිය උත්පාදනයට ඩීසල් නිකුත් කිරීම ගැටලුසහගත තත්ත්වයක් උදාවී තිබේ.

ඒ අනුව දැනට විදුලිය නිපදවීම සඳහා දිනකට ලබාදිය හැක්කේ ඩීසල් මෙට්‍රික් ටොන් දහසක් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

එම ප්‍රමාණයද ලබා දෙන්නේ තෙල් සංස්ථාව සමග නීතිමය බැඳීමක් සහිත කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයට පමණක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් දැවිතෙල් සහ නැප්තා බලාගාර සඳහා ඒවා තවදුරටත් නිකුත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටී.

විදුලිබල මණ්ඩලය විසින් ඉන්දීය තෙල් සමාගමෙන් ඩීසල් ලබාගැනීමට එකග වී තිබීම හේතුවෙන් තෙල් සංස්ථාව සිය තොග කළමනාකරණය කිරීමේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් ද ඇති ව තිබේ.

 

No comments

Ads Place