Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකුවෙන් හොරකම් කල සල්ලි ලොරියක පටවන් සිරිකොතට ගෙනත්- ජොන්ස්ටන්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රි කබීර් හෂීම් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු...

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රි කබීර් හෂීම් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පල කරන ලදී.

හිටපු ඇමතිතුමා කතා කරනවා දැකලයි මම කතා කරන්න හිතුවේ. එතුමා කරපු හැම චෝදනාවකටම ඉදිරියේදී උත්තර හම්බවෙයි. හිටපු මහාමාර්ග ඇමතිතුමා හැටියට කබීර් හෂීම් ඇමතිතුමා ගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් හැටියට මෙහෙම කතා කිරීම ගැන මම පුදුම වෙන්නේ නෑ. ඔබතුමා කිව්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වෙනස් කළා කියලා. ඔබතුමා දන්නවාද කවුද ව්‍යෘපෘති අධ්‍යක්ෂ කියලා? ඒ ව්‍යාපෘති අධ්‍යක්ෂකට අපි දීලා තියෙනවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර. ඔබතුමා කියන්නේ අධ්‍යක්ෂ ජනරාල් පහලට දාල ව්‍යාපෘති අධ්‍යක්ෂ කරන්න කියලාද? කවුද ඔය ලණුව ඔබතුමාට දුන්නේ? ඔබතුමා දන්නවාද වීරකෝන් මහත්මයාව? එතුමා තමයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්. දන්නේ නැතුව කතා කරන්න එපා.

මෙතුමා කාවද නියෝජනය කරන්නේ? මෙතුමා බැලූවද මේ ටෙන්ඩර්වල තියෙන ප්‍රසම්පාදන කටයුතු යද්දි සමාගම් 4ක් තිබුණා කියලා කියනවා. එතුමා මේ නියෝජනය කරන්නේ මොන සමාගමද? මෙතුමා දැන් කියනවා කොන්ක්‍රීට් පාරවල් තිබුණා, අපි ඉතිරි කෙරුවා, කණු ඉතිරි කෙරුවා, සල්ලි ඉතිරි කෙරුවා කියලා. සල්ලි ඉතිරි වුණේ අපි බලයට ආව හින්දා. මතක තියාගන්න. පට්ට විදියට හොරකම් කරලා. ඔබතුමා මහ ලේකම් විදියට දන්නවනේ මහ බැංකුවේ සල්ලි ටික ගැන සුදත් චන්ද්‍රසේකරගෙන් ගිහින් අහන්න. ලෝරිය ඇවිල්ලා නතර කලේ සිරිකොත ඇතුලේ. මතකයිනේ මලික් සමරවික්‍රම සල්ලි ගෝනිවල ගෙනිච්ච හැටි.

කබීර් හෂීම් මැතිතුමාට බෑ ලොරියක් අරන් සල්ලි ගේන්න. එයා එච්චර ලොක්කෙක් නෙවෙයි. කබීර් හෂීම් මැතිතුමා පක්ෂයේ මහ ලේකම්. එතුමා තමයි සල්ලි ඛෙදුවේ. ඔබතුමාට මතකද මහාමාර්ග ඇමතිකම දුන්නෙ නෑ කියලා පාකිස්ථානේ ගිහිල්ලා මාස කීයක් හැංගිලා හිටියද කියලා. පාස්පෝට් එක අරන් බලන්න.

ඔබතුමාලගේ නායකයෝ හොරකම් කරපු හැටි කියද්දි ඔබතුමාලට රිදෙනවා. කබීර් හෂීම් මැතිතුමා මහ බැංකුවෙන් හොරකම් කලා කියලා මම කිව්වේ නෑ. මහ බැංකුවේ සල්ලි ටික හොරකම් කරලා තමුන්නාන්සේලාට ඡන්දෙ කරන්න කෝටිය ගානෙ ඛෙදුවේ. මහ බැංකුවෙන් හොරා කාපු සල්ලි ලොරිය ගෙනල්ලා ඛෙදුවේ. මම වගකීමෙන් කියන්නේ. හිටපු ලේකම් සුදත් චන්ද්‍රසේකරගෙන් ගිහින් අහන්න. ඒක තමයි ඇත්ත. තමුන්නාන්සේගේ හදවත දන්නවා. මං කිව්වේ නෑ ඔබතුමා හොරකම් කලා කියලා. මම කිව්වේ මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි ටික ලොරියේ දාගෙන සිරිකොතට ගෙනල්ලා තමුන්නාන්සේලා ඛෙදුවා. මෙතුමා තමයි ඛෙදුවේ. මම කියන්නම් ගෙනිච්චේ ලොරිවල. වින්සන් පෙරේරා මැතිතුමාගේ පුතා අරගත්තේ නෑ කියලා මම පිලිගන්නවා.

මම මතක් කරනවා මේ කෝටි 16,000ක් හොරකම් කරනවා කියලා මඩ ගහන්න හදන්න එපා. ඔබතුමා නියෝජනය කරන්නේ කොයි සමාගමද? ඔබතුමාලා මීරිගම ඉඳලා කඩවතට දුන්න සමාගම ඔබතුමා නියෝජනය කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කිසිම දූෂණයක් වෙන්න අපේ අමාත්‍යාංශය සහ රජය ඉඩදෙන්නේ නෑ කියලා මම කියනවා.

ඔබතුමාලා කරපු හොරකම් නිසා තමයි ඩී.එස්. සේනානායක හදපු පක්ෂය විනාශ උනේ. මුලූ පක්ෂෙම දියවෙලා ගියා. මඩ ගැහුවම අහගෙන ඉන්නත් පණ තියෙන්න ඕනේ. මේ ගොල්ලෝ ඔක්කොම දඟලන්නේ මේ ගොල්ලන්ගේ හොරකම් හොයපු නැති නිසා. හොරකම් හෙව්වා නම් මේ අය මෙහෙම කතා කරන්නෙ නෑ. හිටපු නායකයත් හොරා. හිටපු ඇමතිවරුත් හොරු.

දැන් ඔබතුමා කිව්වා වික්‍රමසිංහ මහත්මයාගේ සමාගමක් කියලා. හොඳ ආණ්ඩුවක් තිබිලා තියෙන්නේ. ඉතිං ඔබතුමාලා වික්‍රමසිංහ මහත්මයාගේ සමාගමකටනේ කොන්ත්‍රාත් දීලා තියෙන්නේ. ඒ තරම් බබ්බු තමන්නාන්සේලා. බොරුවක් කියනකෙට අහුවෙන්නේ නැතිවෙන්න කියන්න. දැන් දෙයියන්ගේ හාල් කැවිලා පිස්සු හැදිලා ඉන්නේ. මේක තමයි යතාර්ථය. අද හෙණ ගැහිලා ගිහින් තියෙන්නේ. කරපු මිනී මැරුම්, මිනිස්සු මැරෙන්න ඇරලා, කටට වෙඩි තියනකල් තමන්ගේ ලේකම්ව බේරගන්න බැරි වුණා. මතකද? ඒ කාලේ කතා නෑ. පකිස්ථානේ ගිහින් හැංගිලා හිටියේ. මහාමාර්ග ඇමතිකම දුන්නේ නෑ කියලා හැංගිලා හිටියේ. ඔය හැමදේම අපි දන්නවා. ඒ නිසා සත්‍යය ජයග්‍රහනය කරයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කිසිම දූෂණයක් වෙන්න මේ රජය ඉඩ දෙන්නේ නෑ කියලා ඉතාමත් වගකීවෙන් කියනවා.

 

No comments

Ads Place