Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද විදුලිය කපන්නේ නෑ..නමුත් තැන තැන විදුලිය බිද වැටීම්

අද දිනයේ දී ද සැලසුම් කළ පරිදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. නිවාඩු දිනයක් වන නිසා අද දිනයේ ඉල...

අද දිනයේ දී ද සැලසුම් කළ පරිදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

නිවාඩු දිනයක් වන නිසා අද දිනයේ ඉල්ලුමක් පහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම තීරණය ගත් බව එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලිය භාවිතය අඩු කරන ලෙස ජනතාවගෙන් හා ආයතනවලින් කළ ඉල්ලීමට මෙතෙක් සැලකිය යුතු ප‍්‍රතිචාරයක් දක්වා නැති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

මේ අතර විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි සියලු රාජ්‍ය ආයතන වලට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මහජන උපයෝගීතා කොමිසම කළ ඉල්ලීමට අනුව එම උපදෙස් නිකුත් කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී විදුලිය කප්පාදු කිරීමක් සිදුනොකරන බව දැනුම් දුන්නද රටපුරා ප්‍රදේශ ගණනාවක විදුලි බිඳවැටීම් වාර්තා වී තිබින.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ එවැනි බිඳවැටීම් කිහිපයක් වාර්තා වූ බවයි

 

No comments

Ads Place