Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළු සල්ලිවලට උතුරු කොරියා ආයුධ ගැනීමෙන් ලංකාව බංකොලොත් ලැයිස්තුවේ

යුද සමයේදී කළු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් විට මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය රටේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවන බව හිට...

යුද සමයේදී කළු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් විට මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය රටේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තේ නම් ඒවා ගිණුම් ගත කර ඇතිදැයි හෙලි කරන්නැයිද ඔහු ඉල්ලා සිටී.

මෙවන් ප්‍රකාශ වලින් සිදුවන්නේ ජාත්‍යන්තරය තුල මෙරට කීර්තියට හානි පැමිණීම පමණක් බවද මෙම ප්‍රකාශයක් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ඕනෑම සංවිධානයක සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාවට ගැටළුකාරී වනු ඇතැයිද ඔහු පවසයි.

එමෙන්ම මෙම ප‍්‍රකාශය මත මනුදුරේදීම ශ්‍රී ලංකාව දුරටත් ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම් වල පහල දමමින් බංකොලොත් රටවලට ලයිස්තුවට පත්වීමේ අවදානමක් ඇතිව තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place