Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුල්ගල් තබා ඉවරයි.අපිට දැන් විවෘත කරන්න තියෙන්නේ

දැන් අපි මුල්ගල් තියමින් ගිය යුගය අවසන් වේගෙන එනවා. දැන් ඇවිල්ලා තියෙන්නේ විවෘත කරන යුගය. අපි කොරෝනා ප‍්‍රශ්නය මැද්දේත් වැඩකලා. අද අපි අනුරා...

දැන් අපි මුල්ගල් තියමින් ගිය යුගය අවසන් වේගෙන එනවා. දැන් ඇවිල්ලා තියෙන්නේ විවෘත කරන යුගය. අපි කොරෝනා ප‍්‍රශ්නය මැද්දේත් වැඩකලා. අද අපි අනුරාධපුර නගරයේම සාදා නිමකල ව්‍යාපෘති තුනක් විවෘත කරනවා. ඒ සමගම රුපියල් මිලියන 1170 ක් ආයෝජනය කරන තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කරනවා” යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධනය යටතේ සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

අනුරාධපුර නගරයේ ආගමික, සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගනිමින් දිවයිනේ සිව් දෙසින් පැමිණෙන බැතිමතුන්ටත්, විදෙස් සංචාරකයින්ටත්, නාගරික නේවාසික හා ව්‍යාපාරික ප‍්‍රජාවට නාගරික සේවා හා පොදු ස්ථාන පහසුකම් වැඩි දියුණු කිරීම මෙම වැඩසටහන්හි ප‍්‍රධාන අරමුණයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මිලියන 78 ආයෝජනයෙන් අළුතින් පිලිසකර කරනා ලද අනුරාධපුර සමාධි පිළිම පෙත්මග විවෘත කිරීම හා පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට එන බැතිමතුන් හා දේශීය හා විදේශීය සංචාරකයන් ඉලක්ක කොට කුඩා ව්‍යාපාර කරන වෙළෙන්දන් වෙනුවෙන් සමාධි පිලිමයෙන් ඈතට වන්නට ඉදිකල නව වෙළෙඳකුටි 85කින් සමන්විත ගොඩැනැගිලි සංකීර්ණය විවෘත කිරීම මෙදින මුලින්ම සිදු විය.

අනුරාධපුර පූජා නගරයට දිනපතා දහස් ගණනින් ඇදී එන වාහන නිසි පරිදි ගාල් කිරීම සඳහා මෙතෙක් පැවති ගැටළු නිරාකරණය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම්කර ඉදිකරනු ලැබූ වාහන 450 ක ධාරිතාවයෙන් යුත් ශ‍්‍රී මහා බෝධී නැගෙනහිර රථගාල ද බැතිමතුන්ගේ පහසුව සඳහා විවෘත කෙරුණි. මේ සඳහා ආයෝජනය රු.මි. 213.63 කි.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිංහ කණුව භූදර්ශන ව්‍යාපෘතිය සහ මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපිට පොදු මහජන චතුරශ‍්‍රය සංවර්ධනය සිදු කෙරුණු අතර එහි ආයෝජනය රුපියල් මිලියන 122.62 කි.

දිනපතා අනුරාධපුරයට ඇදී එන දහස් ගනන් මගීන්ට පහසුකම් සලසන නව බස් නැවතුම්පොළ අසල දක්ෂිණ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ද එයට සමගාමීව ආරම්භ කෙරුණු අතර එහි ආයෝජනය රුපියල් මිලියන 1176 කි. එම ව්‍යාපෘතිය 2023 සැප්තැම්බර් මස අවසන් කිරීමට නියමිතය.

වෙළෙඳසැල් විවෘත කිරීමෙන් අනතුරුව එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේද පැවසීය.

‘‘ඔබ දන්නවා අපේ රටේ ව්‍යවස්ථාවේම තියෙනවා මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් කියලා. වර්ථමාන ආණ්ඩුව ඒ වගකීම හොඳින් වටහාගෙන එය උපරිම මට්ටමෙන් ඉටු කරන්නට උත්සාහ දරනවා. රට පුරා විසිරී තිබෙන ඓතිහාසික හා පූජා නගර සංවර්ධනයට අපේ අමාත්‍යාංශයෙන් විශාල අවධානයක් යොමු කරන්නේ ඒ නිසායි. මේ වසර කිහිපයේ අපි වැඩිම මුදලක් වෙන් කොට තිබෙන නගරයක් වන්නේ අපේ සිංහල බෞද්ධා ශිෂ්ඨාචාරය ආරම්භ වූ මේ අනුරාධපුර නගරය. අපි මෙහි ව්‍යාපෘති ගනනාවක් සැලසුම් කොට තිබෙනවා. සමහර ව්‍යාපෘති පසුගිය කාලයේ අවසන් කොට ජනතාවට විවෘත කලා. අද අපි විවෘත් කරන ව්‍යාපෘති අතර මේ සමාධි පිලිමය ඇති ප‍්‍රවිශ්ට මාර්ගය සම්පූර්ණයෙන්ම පිළිසකර කිරීම හා ඒ අවට කුඩා වෙළෙන්දන්ට විධිමත් ආකාරයකට සකස්කල වෙළඳසැල් ලබා දීම මීට් වසරකට පෙර ජනාධිපතිතුමාගේ උපදෙසක් අනුව අපි ආරම්භ කල ව්‍යාපෘතියක්. එදා මම මේ ස්ථානයට පැමින ඔබේ මංත‍්‍රීතුමාල එක්ක මෙය නිරීක්ෂණය කරනා විට තිබුන තත්වය හා අද තත්වය සසඳන කොට අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන්. අද බැතිමතුන්ට කිසිදු බාධාවකින් තොරව සමාධි පිළිමය වැඳ පුදා ගන්න පුලූවන්. ඒ වගේම මම එදා පොරොන්දු වුනා මේ අවට සිටින කුඩා ව්‍යාපාරිකයන්ටත් බැතිමතුන්ට හිරිහැරයක් නොවන ආකාරයට ඔවුන්ගේ වෙලඳාම කරගෙන යන්නට පහසු ආකාරයට වෙලඳ කුටි සකස් කර දෙනවා කියා. මේ අයත් මේ රටේ මහ ජනතාව. සංවර්ධන කටයුතු කරනවා කියා රටේ මහජනතාවගෙන් කොටසක් පාරට ඇද දමීම නෙමෙයි අපේ ප‍්‍රතිපත්තිය. අද ඔවුන් සියළු දෙනාටම සතුටු වෙන්නට පුලූවන් ආකාරයට අපි කඩ කුටි 85 ක් සාදා දී තිබෙනවා. මේ පහසුකම බාවිතා කරගෙන ඔබේ ව්‍යාපාර තවත් දියුණු කරගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න කියා මා ඔබට සුබ පතනවා.

අපි මේ ලස්සනට සාදා දුන් පහසුකම ආරක්ෂා කරගන්නා එක දැන් ඔබේ වගකීමයි. මේ ස්ථානය අපවිත‍්‍ර වෙන්න දෙන්න එපා. එක එක ආකාරයේ කොටස් එකතු කරල මේ නිර්මාණය අවලස්සන කරන්න එපා. නාම පුවරු වුනත් එක සැලැස්මකට එක විදියට සකස් කර ගන්න. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මාලාවක් ඔබට ලබා දෙන්න කියා මම නාගරික සංවර්ධන අධිකාරියට කියා තිබෙනවා. ඒ උපදෙස් අනුව කටයුතු කලොත් ඔබේ වෙළඳාමත් දියුණු වේවි. මේ ස්ථානයත් ආරක්ෂා වේවි. ඒ නිසා මේ වැඩපිළිවෙලට ඔබ සියලූ දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා’’ යැයි අමාත්‍යවරයා පැවසීය.

 

No comments

Ads Place