Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි

ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය එක ණය පහසුකමක් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එම ණය පහසුකම් ...

ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය එක ණය පහසුකමක් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එම ණය පහසුකම් මගින් ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි ගැනීමට බලාපොරොත්තු වන බව කී ඔහු ඉතිරි මුදල අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සඳහා භාවිතා කළ හැකි බව පැවසීය.

එළඹෙන අලුත් අවුරුදු සමය ඇතුළු ඉදිරි මාස කිහිපය සඳහා මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම සහතික කිරීමට ඉන්දියාවෙන් ද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලැබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ප්‍රමාණය ඉදිරි මාස හයකට පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ප්‍රමාණවත් වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මීට අමතරව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ඉල්ලා ඇති බවත් ඊට චීනය එකඟ වනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

 

No comments

Ads Place