Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් නැව් දෙකක් මුහුදේ..බාගන්න ඩොලර් නෑ

ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් 25 පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ ත...

ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් 25 පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පස්වරුවේ පැවසීය.

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 38,400 ක් අඩංගුව තිබෙන පෙට්‍රල් නෞකාව නිදහස් කිරීමට ඩොලර් මිලියන 33 ක ණයවර ලිපියක් නිකුත් කළ යුතු බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතාගෙන් 24 පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ මීට දින තුනක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇති පෙට්‍රල් නෞකාව ඩොලර් ගෙවා නිදහස් කරගත්ත ද ඉන්ධන ගොඩ බෑමට නොහැකි බවයි.

ගොඩබෑමේ පර්යන්ත දෙක තුළ මේ වන විට නෞකා දෙකකින් ඩීසල් සහ පෙට්‍රල් බාමින් සිටින බව කී සමීන්ද්‍ර අබේසේකර මහතා අනෙක් පෙට්‍රල් නැව නිදහස් කරගත්ත ද එහි ඇති ඉන්ධන බෑම ආරම්භ කිරීමට දින කීපයක් ගතවනු ඇති බව ද සඳහන් කළේය.

රට පුරාම 25 දිනයේ ද පිට පිටම සිවුවැනි දිනයටත් ඩීසල් හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ‘ඩීසල් නැත’ ලෙස පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි විය.

 

No comments

Ads Place