Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ පරම්පරාවේදී විපක්ශයට බලයට එන්න අවස්ථාවක් නෑ..-මුදල් අමාත්‍ය

විපක්ෂයට මෙම පරම්පරාවේ දී බලයට ඒමට අවස්ථාවක් නැති බව මුදල් අමාත්‍ය පාසල් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඉදිරි වසර තුනක කාලයේ දී ජනතාවට ලබා ...

විපක්ෂයට මෙම පරම්පරාවේ දී බලයට ඒමට අවස්ථාවක් නැති බව මුදල් අමාත්‍ය පාසල් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඉදිරි වසර තුනක කාලයේ දී ජනතාවට ලබා දිය හැකි සියලු සහන ලබාදෙන බව ද ඔහු පැවසීය.

මෙම වසර අවසානයට පෙර ගෙවිය යුතු සියළු ණය ගෙවා දමන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමට පැවති උත්සවය අමතමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

‘මේ අවුරුද්දේ පමණක් අපිට සමස්ත ණය ප්‍රමාණය සහ පොලිය ඇමරිකන් ඩොලර් බිලියන 6.9. මම මේ රටේ ජනතාවට අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ගරු අමාත්‍යතුමා වෙනුවෙන් මම සහතික වෙනවා හැම ඩොලර් එකක් අපිට හැම දෙයක්ම අපි මේ වර්ෂයේ
අපිට සමස්ත ණය ප්‍රමාණය සහ පොලිය ඇමරිකන් ඩොලර් බිලියන 6.99 විතරක් මම මේ රටේ ජනතාවට අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙනුත් ගරු අග්‍රාමාත්‍යතුමා මම සහතික වෙනවා හැම ඩොලර් එකක්ම මේ වර්ෂයේ ගෙවනවා ගෙවනවාමයි.

ඒකට අපිට ශක්තියක් තියෙනවාේක වගකීමෙන් කියන්නේ. හැබැයි මම ඉල්ලනවා විපක්ෂයෙන් ණය ගෙව්වෙ නැත්තන් බනින්න.

මේ පරම්පාරාවෙදි නම් ආයෙත් බලයට එන්නෙ නෑ ජොන්ස්ටන් ඇමති තුමාලා ඉන්නකල්.හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාර දෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධිෂ්ඨාන කරගෙන තියෙනවා කියන එක අපි කියන්න ඕනි.”

 

No comments

Ads Place