Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නඩු පැරදුනු දුකින් මන්ත්‍රී බීමතින් නාන තටාකයට පනී

රුහුණු ගිරුවාපත්තුවේ පළාත් පාලන ආයතනයක 2015 වර්ශයට පෙර මුල් පුටුව හොබවන ලද වර්තමානයේ එම සභාවේම විපක්ශ නියෝජනය මන්ත්‍රිවරයෙක් විසින් එම පළාත්...

රුහුණු ගිරුවාපත්තුවේ පළාත් පාලන ආයතනයක 2015 වර්ශයට පෙර මුල් පුටුව හොබවන ලද වර්තමානයේ එම සභාවේම විපක්ශ නියෝජනය මන්ත්‍රිවරයෙක් විසින් එම පළාත් පාලන ආයතනයේ නව ලේකම්වරයා පත් කිරිමට එරෙහිව රීට් වාරණ නියෝගයක් උසාවියෙන් ලබා ගැනිම නිසා සභාවේ සියලු කටයුතු මාසයක පමන කාලයක් අත්හිටුවා තිබෙන ලදි.

මෙම සභාවේ වර්තමාන සභාපතිවරයා සහා ලේකම්වරයා නියෝජනය කරමින් උසාවියේදි කරුණු දැක්වු නීතිඥයින් නව ලේකම්වරයා නිසි සුදුසුකම් සපුරා නියමිත ක්‍රමවේදය යටතේ පත්විම් ලද රාජ්‍ය සේවකයෙක් බව උසාවිය ඉදිරියේදි සාක්ශි සහිතව කරුණු තහාවුරු කිරිමත් සමග පනවා තිබු රීට් නියෝගය ඉවත්කිරිමට කටයුතු කර තිබේ.

මෙම විපක්ශ මන්ත්‍රිවරයා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා සභා බලප්‍රදේශයේ දෛනික කුණු කසල ඉවත්කිරිමද මසක පමන කාලයක් නතර වි තිබේ.

නඩුව පරාජය වීමේ ශෝකය නිසා මන්ත්‍රිවරයා ඊයේ දින රාත්‍රියේ මිතුරන් සමග සංචාරක හෝටලයකදි මත්පැන් සාදයක් පවත්වා තිබෙන අතර පමන ඉක්මවා මත්පැන් පානය කල මන්ත්‍රිවරයා අධික බීමතින් හෝටලයේ නාන තටාකයට පැන තිබේ.

එම අවස්තාවේ මන්ත්‍රිවරයා නානතටාකයේ ගිලිමට යද්දි විදෙස් සංචාරකයින් දෙදෙනෙක් මැදිහත් වි දැඩි පරිශ්‍රමයක් දරා මන්ත්‍රිවරයා බේරාගෙන තටාකයෙන් පිටතට ගැනිමට කටයුතු කර තිබේ.මන්ත්‍රිවරයා මේ වන විට රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

 

No comments

Ads Place