Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමුදිතට ඇමරිකා හා කැනඩා වීසා ලැබී අවසන්..

තමන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූයේ තමනට දේශපාලන රැුකවරණ ලබා රටින් පිට වී යාමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට යැයි ඇතැමුන් එල්ල කරන චෝදනාව ප්‍ර...

තමන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූයේ තමනට දේශපාලන රැුකවරණ ලබා රටින් පිට වී යාමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට යැයි ඇතැමුන් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට කලකට සිටම ඇමරිකා එක්සත් ජනපදයටත් කැනඩාවටත් ඇතුළු වීම වීසා බලපත්‍ර ලැබී තිබෙන බවයි.

තමන් මෙන්ම තම පවුලටම කැනඩාවට ඇතුළු වීමට වීසා දැනටමත් ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් කිසිවෙකු මෙම පහරදිම පසුපස තමන් ඇතැයි සැක කරන්නේ නම් ඊට අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායම් වලට හැකියාවක් ඇතැයිද ඔහු පැවසීය.

ඒ සදහා සහායක් ලෙස තමන් සහ තම බිරිඳගේ ඇඟිලි ඇගිලි සලකුණු, ජංගම දුරකතන දත්තා සියල්ල පරීක්ෂණ කණ්ඩායම් වෙත ලබා දුන් බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් තමන් ශ‍්‍රී ලංකාව අතහැර වෙනත් රටක පදිංචියට යාමට කිසිදු සූදානමක් හෝ උවමනාක් නැතැයිද හෙතෙම තව දුරටත් සදහන් කලේය.

හිරු රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place