Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස සහල්,පරිප්පු,සීනි මෙන්ම කිරිපිටිත් නෑ

හැටන් සතොසට ලැබෙන කිරිපිටි පැකට් නිසි ලෙස පාරිභෝගිකයන්ට ලබා නොදෙන බවටත් සිනි, පරිප්පු, සම්බා හා කැකුළු සහාල් මෙහි නොමැති බවටත් හැටන් නගරයේ ව...

හැටන් සතොසට ලැබෙන කිරිපිටි පැකට් නිසි ලෙස පාරිභෝගිකයන්ට ලබා නොදෙන බවටත් සිනි, පරිප්පු, සම්බා හා කැකුළු සහාල් මෙහි නොමැති බවටත් හැටන් නගරයේ විවිධ පිරිස් චෝදනා කරති.

මෙම පිරිස් වැඩි දුරටත් පවසනුයේ හැටන් නගර මධ්‍යයේ පවතින සතොස ශාඛාවට ලැබෙන කිරි පිටි පැකට් එහි සේවක පිරිස් විසින් තමන්ට ලබා නොදෙන බවත්ය.

එමෙන්ම මෙහි සිනි, පරිප්පු, සම්බා හා කැකුළු සහල් මිලදි ගැනිමට නොමැකි බවත් මෙම තත්වයන් මත තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම ශාඛාවෙන් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

මෙම තත්වයන් පිලිබදව 20වන දින විමසිම සදහා එහි කළමණාකාර මහතා හමුවිමට ගියද ඔහු එම ස්ථානයේ නොමැතිවිමත් සමග එහි නිලධාරියකුගෙන් මේ පිලිබදව විමසන ලදි.

එහිදි එම නිලධාරියා පවසනලද්දේ 19වන දින මෙම ශාඛාවට කිරි පිටි සිමිත ප්‍රමාණයක් ලැබුන බවත් එම කිරි පිටි පැකට් ශාඛාවේ මුදල් ගෙවිමේ කවුලුවට සරිලන ලෙස ලේබල් ගැසිමක් සිදුකල යුතු බැවින් එසේ ලේබල් අලවා 20වනදින එම කිරි පිටි පාරිභෝගිකයන්ට ලබා දිමට පියවර ගෙන ඇති බවත්ය.

සමන්‍ය වෙලද සැලක මෙන් සතොස ශාඛාව තුලින් ලොරි රථවලින් භාන්ඩ ලැබෙන විගස එම භාන්ඩ පාරිභෝගිකයන්ට ලබා දිමට නොහැකි බවත් එම භාන්ඩ නිසි ප්‍රමාණය ලැබි ඇද්ද යන්න පරික්ෂා කර එම භාන්ඩ තොග ලේකන ගත කර ශාඛාවට ලැබෙන තොග භාන්ඩ ලෙස සටහන් කර නැවත එම භාන්ඩ   වෙලදාම සදහා  ශාඛාවට නිකුත් කිරිම ආදිය කල යුතු බවද ඔහු පවසන ලදි.

එමෙන්ම මෙම ශාඛාවට ඇනවුම් කර ඇති සිනි, සම්බා , කැකුළු සහාල්, පරිප්පු ආදිය ප්‍රමානවත් තරම් නොලැබෙන බවත් ලැබි තිබු සිනි සුලු ප්‍රමානය තිබි එම ප්‍රමාණය සහන මල්ලට දැමිම මත එම භාන්ඩවල  හිගයක් පවතින බවද ඔහු තව දුරටත් පවසන ලදි.

 

No comments

Ads Place