Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමුදිතගේ නිවසට ප්‍රහාරයක්..වෙඩි තැබීම් සමග අසූචි ප්‍රහාරයක්

හිරු රූපවාහිනියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද අළුයම නාදුනන සන්නද්ද කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ...

හිරු රූපවාහිනියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද අළුයම නාදුනන සන්නද්ද කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔහු සඳහන් කළේ තම නිවස පිහිටි නිවාස සංකීර්ණයට අද අලුයම පැමිණි සිව් දෙනකුගෙන් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

සුදු වෑන් රථයකින් පැමිණ එම පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ගේට්ටුව බලයෙන් විවෘත කර එහි සිටි ආරක්ෂක නිළධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර බිය වද්දා තම නිවසට පැමිණ ඇති බව ද ඔහු පැවසීය.

එසේ පැමිණි පුද්ගලයන් තමන් නිවසට ගල්මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කළ යුතු බව පැවසූ ඒ මහතා වෙඩි ශබ්ද කිහිපයක්ද ඇසුණු බව ද පැවසීය.

සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

 

No comments

Ads Place