Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අප්‍රිකානු රටවල මන්දපෝෂණය දුරලන්න ලංකාවෙන් ආධාර

දකුණු අප්‍රිකානු රටවල මන්දපෝෂණයට විසඳුමක් ලෙස කොස් වගා කිරීමට සහයෝගය ද ලබා දිම සදහා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින්...

දකුණු අප්‍රිකානු රටවල මන්දපෝෂණයට විසඳුමක් ලෙස කොස් වගා කිරීමට සහයෝගය ද ලබා දිම සදහා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් යුනිසෙෆ් සංවිධානය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

එම සංවිධාන සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා ඇතුළු පිරිසක් එම රටවලට කොස් ගස් හඳුන්වාදීමේදී සලකා බැලිය යුතු විද්‍යාත්මක කරුණු පිළිබඳව පැහැදිලි කර ඇත.

දෙවන ලෝක යුධ සමයේ දී ද වරින් වර ඇති වූ ආහාර හිගය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට කොස් ගස උපකාරී වූ බවද මහ කොමසාරිස්වරයා අවධාරණය කර ඇත.

ආහාර හිගය සහ නියගයෙන් නිතර පීඩාවට පත් වන රටවලට කොස් පරිභෝජනය ප්‍රචලිත කළ හොත් ලෝක ආහාර වැඩසටහන සහ අනෙකුත් සංවිධාන වලට ආහාර බෙදා හැරීම සඳහා වන පිරිවැය විශාල වශයෙන් අඩු කර ගත හැකි බව ද ඔහු පෙන්වා දී ඇත.

මෙම අදහස ක්‍රියාවට නැංවීමට අරමුදල් සපයන ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවට ඒ සඳහා තාක්ෂණික සහාය සහ රෝපණ ද්‍රව්‍ය ලබා දිය හැකි බවද මහ කොමසාරිස්වරයා දැනුම් දී තිබේ.

 

No comments

Ads Place