Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමගි ජන බලවේගය ඉන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න..

සමගි ජන  බලවේගයේ අරමුණ ජන්ද ගොඩ වැඩි කර ගැනිම නොව රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබාදිම බව සමගි ජන බලවේගයේ උප සභාපති සහ හිටපු අමාත්‍ය...

සමගි ජන  බලවේගයේ අරමුණ ජන්ද ගොඩ වැඩි කර ගැනිම නොව රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබාදිම බව සමගි ජන බලවේගයේ උප සභාපති සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මහතා පැවසිය.

ඉමිතියාස් බාකිර් මහතා ඒ බැව් කියා සිටියේ (06) දින නාවලපිටිය සමගි ජන බලවේග කාර්යාලයේදි නාවලපිටිය ආසනයේ එම පක්ෂයේ ජන්දපොල නියෝජිතයන් දැනුවත් කිරිම සදහා පැවති රැස්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඉමිතියාස් බාකිර් මහතා කියා සිටියේ මේ රටේ ආර්ථික විශේෂඥයන් රජයට ලබාදෙන උපදෙස් නොපිලිපදිමින් රජය කටයුතු කිරිම නිසා එහි ඵල විපාක රටේ ජනතාවට විදිමට සිදු වි ඇති බවයි.

ආර්ථිකය නිසි ලෙස කලමණාකරණය නොකිරිම හමුවේ වර්තමානයේ අර්බුධ රැසක් මතු වි ඇති බවයි ඉමිතියාස් බාකිර් මහතා කියා සිටින්නේ.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සියළු තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවත්,ඔහු කරන කිසිදු ප්‍රකාශයක් මේ රටේ ජනතාව පිලි නොගන්නා බවයි ඉමිතියාස් බාකිර් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහනට සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතාද එක්වි සිටිහ.

 

No comments

Ads Place