Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුවේ මෝල් හිමියක් 4ක් සහල් ඒකාධිකාරය තියන් ඉන්නවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ සහල් මෝල් හිමියන් සිවු දෙනෙකු විසින් පවත්වාගෙන යන මෙරට සහල් ඒකාධිකාරිය මැඩ පැවැත්වීමට ආණ්ඩුව කිසිදු පියවරක්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ සහල් මෝල් හිමියන් සිවු දෙනෙකු විසින් පවත්වාගෙන යන මෙරට සහල් ඒකාධිකාරිය මැඩ පැවැත්වීමට ආණ්ඩුව කිසිදු පියවරක් නොගන්නා බව ශ්‍රී ලංකා පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

මෙරට නිෂ්පාදනය කරන වීවලින් 46%ක්ම ගන්නේ එම ප්‍රධාන මෝල් හිමියන් සිව්දෙනා බවද පැවසූ ඔහු ඉන් අනතුරුව මෙරට සහල් මිල ද ඔවුන් තීරණය කරන බව පැවසීය.

මෙම අසාධාරණයට විරුද්ධව ආණ්ඩුව කිසිදු පියවරක් නොගන්නා බවද හෙතෙම කියා සිටියේය.

මෙවැනි අර්බුද ඇතුළු මෙරට ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුව රටේ ජනතාව නොදන්නා බවද එම අර්බුදය ඇත්ත තත්ත්වය ජනතාවට පැහැදිලි කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද හෙතෙම පැවසීය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place