Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නෑ..සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි

මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ. මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමා...

මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ.

මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි හෙළි වී ඇත.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාවය සිමෙන්ති ඇසුරුම් ලක්ෂ හයකි.

දේශීය වශයෙන් සපයා ගන්නා ප්‍රමාණය ඇසුරුම් ලක්ෂ 4 කි.

ඉතිරි ඇසුරුම් ලක්ෂ දෙකක ප්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවෙයි.

නමුත් ඇතිවී තිබෙන ඩොලර් හිගතාවය මත මෙම ප්‍රමාණය ආනයනය කර ගැනීමට නොහැකි වී තිබේ.

වර්තමානයේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1475 ක් ලෙස නම් කර ඇතත් වෙළඳ පොලේ අලෙවි වන්නේ රුපියල් දෙදහසක් ආසන්න මුදලකටයි.

 

No comments

Ads Place