Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි ආණ්ඩු කලා නම් කොරෝනාවෙන් 15,000ක් මැරෙන්න දෙන්නේ නා..-රාජිත

යහපාලන ආණ්ඩුව බලය සිටියේ නම් කොරෝනා වසන්ගතයෙන් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමට ඉඩ ලබා නොදෙන්නේ යැයි සමගි ජන බලවේගය පාර්...

යහපාලන ආණ්ඩුව බලය සිටියේ නම් කොරෝනා වසන්ගතයෙන් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමට ඉඩ ලබා නොදෙන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

එන්නත්කරණය ප‍්‍රමාද කරමින් ධම්මික පැණිය, සුදර්ශන පැණිය ආදී සංදර්ශන වල යෙදුණු ආණ්ඩුව එන්නත්කරණයට අවුරුද්දක් සැපිරීම පෙනුමෙන් උත්සව පැවැත්වීම ලැජ්ජාවට කරුණක් යයිද ඔහු පැවසීය.

එන්නත්කරණයට වසරක් සැපිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් හෙතෙම සඳහන් කළේය.

අද වන විට කොරෝනා වෛරසය ඉතාම සීඝ‍්‍රයෙන් පැතිරෙන බවත් හඳුනා ගන්නා ප්‍රමාණයට වඩා හඳුනා නොගන්නා ආසාදිතයන් සමාජයේ සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place