Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ 15ක් ස්වාධීන වෙන්න යයි???

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා රාජ්‍ය ඇමතිවරු පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමේ තීරණයකට එළඹීමට සූදානමින් සිටින්නේ යැයි වාර්තා වෙයි. ව...

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා රාජ්‍ය ඇමතිවරු පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමේ තීරණයකට එළඹීමට සූදානමින් සිටින්නේ යැයි වාර්තා වෙයි.

වාර්තා වන පරිදි මෙසේ ස්වාධීන සිටීමට සාකච්ඡා කරමින් සිටින පිරිස පහළොවකට ආසන්න වෙයි.

රජයේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳව කළකිරීමට පත්වී සිටින මෙම පිරිස ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ගයන් ගැන මෙසේ විටින් විට සාකච්ඡා පවත්වමින් සිටින බව ද සඳහන්ය.

රජයට එරෙහිව කටයුතු කිරීම පවතින තත්ත්ව යටතේ විකල්පයක් නොවන බවත් සාකච්ඡා කර ඇති මෙම පිරිස තම ඡන්දදායකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසා යම් තීන්දුවකට එළඹිය යුතු බව ද සාකච්ඡා කර තිබේ.

 

No comments

Ads Place