Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිය කපන්නෑ- ඇමති කියයි..,CEB තව එකක් කියයි

කැලණිතිස්ස පෞද්ගලික විදුලි බලාගාර යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය යථා තත්ත්වයට පත් කිරීම නිසා ඊයේ දිනයේ විදුලි කප්පාදුවක් නොකළ නමුත් ඉදිරියේදී කප්...

කැලණිතිස්ස පෞද්ගලික විදුලි බලාගාර යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය යථා තත්ත්වයට පත් කිරීම නිසා ඊයේ දිනයේ විදුලි කප්පාදුවක් නොකළ නමුත් ඉදිරියේදී කප්පාදුවක් සිදු නොවන්නේ යැයිනිශ්චිතව කිව නොහැකි බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කරන්නේ මෙම බලාගාරයේ හදිසියේ ඇතිවූ බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙගාවොට් 163ක් ජාතික පද්ධතියට අහිමි වූ බවයි.

එනිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳ වැටීම් සිදු වූ හෙතෙම සඳහන් කළේය.

කෙසේ නමුත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ එළැඹෙන 22 වනදා වන තෙක් රට තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි.

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ද මහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments

Ads Place