Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

CEB ට තෙල් දෙන්න ඩොලර් අවශ්‍යයි...IOC කියයි

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට නොහැකි බව නොකියන නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බව ලංකා ඉන්ද...

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට නොහැකි බව නොකියන නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බව ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි.

සමාගම පවසන්නේ ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින බවයි.

එනිසා එම ප්‍රශ්නයට විසඳුම් ශ්‍රී ලංකා පාර්ශවයෙන් ලබාදිය යුතු බව ද ඔවුන් අවධාරණය කරයි.

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500ක ණය පහසුකම භාවිතා කරමින් ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ප්‍රකාශ වුවද ඉන්දීය තෙල් සමාගම සඳහන් කරන්නේ තමනට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවත් එය තමන් විෂය පථයෙන් පිට බවත්ය.

 

No comments

Ads Place