Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නෑ..ගල් අගුරු නෑ..සැපයුම්කරුවන් කිසිවෙක් නෑ..නොරොච්චෝලේ සම්පූර්ණයෙන් නවතින ලකුණු..

මෙරට ඇති වී තිබෙන ඩොලර් හිගතාවය මත ගල් අඟුරු ආනයනය සීමා වීමේ දැඩි අවදානමක් ඇතිව තිබේ. විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ගල් අඟුරු ආනයන...

මෙරට ඇති වී තිබෙන ඩොලර් හිගතාවය මත ගල් අඟුරු ආනයනය සීමා වීමේ දැඩි අවදානමක් ඇතිව තිබේ.

විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ගල් අඟුරු ආනයනයට බාධා පැමිණීම මත නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිඳ වැටෙනු ඇති බවයි.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් ඇති අතර ගල් අඟුරු ආනයනය සීමා වුවහොත් එම ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය.

බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා වුවහොත් මෙරට බරපතළ විදුලි අර්බුදයක් හටගනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඩොලර් හිගය සහ ණයවර ලිපි විවෘත නොකිරීම හේතුවෙන් ශ‍්‍රි ලංකාවට ගල් අඟුරු සැපයීමට සැපයුම් කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගත වී තිබේ.

 

No comments

Ads Place