Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නැතුව නැව් වල තෙල් ගොඩබාන්න විදියක් නෑ..

මෙරට මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉන්ධන නැවුවල ඉන්ධන ගොඩබෑමට ඩොලර් ලබා නොදුනහොත් දැඩි විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවනු ඇතැයි සමගි ඒකාබද...

මෙරට මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉන්ධන නැවුවල ඉන්ධන ගොඩබෑමට ඩොලර් ලබා නොදුනහොත් දැඩි විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවනු ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දුම්රිය ධාවනය කිරීම නවතා දමන තත්ත්වයකට පත්විය හැකි බව හෙතෙම කියා සිටියේය.

දින කිහිපයක් තිස්සේ නැංගුරම්ලා ඇති නැවුවල ඉන්ධන ගොඩබෑමට මුදල් ලබා දෙන්නැයි මහ බැංකුවට නියෝග කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඉන්ධන ගොඩබෑමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකළහොත් ලබන සතිය වන විට රට විදුලිය කැපීම පැය දෙක තුනක් නොව දවසින් අඩක් පමණ වනු ඇතැයිද ඔහු පැවසීය.

එමෙන්ම කර්මාන්තශාලා 50%ක පමණ ප්‍රමාණයක් වසා දැමීමට සිදුවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය

 

No comments

Ads Place