Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සපුගස්කන්ද යළි නිවෙයි

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද (03) දිනයේ සිට යළි වසා දැමීමට තීරණය කර තිබේ. විදේශ විනිමය අර්බුදය හමුවේ බොර තෙල් මිලදී ගැනීමට පවතින ගැටලුකාරී ...

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද (03) දිනයේ සිට යළි වසා දැමීමට තීරණය කර තිබේ.

විදේශ විනිමය අර්බුදය හමුවේ බොර තෙල් මිලදී ගැනීමට පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස තෙල් පිරිපහදුව වසා දැමෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් මස 15දායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙන දෙවන අවස්ථාව මෙය වෙයි.

පසුගිය වසරේ නොවැම්බර් මස 15 වනදා තෙල් පිරිපහදුව වසා දැමීමෙන් පසු දින 22කට පසුව එය යළි ආරම්භ කෙරුණි.

ඒ, දෙසැම්බර් මස 7 වනදාය. අනතුරුව, එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණි.

මෙම මස අවසන් සතියේදී ඉන්ධන නෞකාවක් මෙරටට පැමණීමට නියමිත අතර ඉන්පසු තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීමට නියමිතය.

 

No comments

Ads Place