Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිය නිපදවීමෙන් ජලාශ සිදී ගොස්..කොළඹට ජලය සීමා කරන්න වෙයි

කොළඹට අවශ්‍ය බීමට ගන්නා ජලය සීමා කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තාවෙයි. මීට හේතු වී ඇත්තේ ජලාශවල ජලය සීඝ්‍රයෙන් පහත බසිමින් පැවතීමය...

කොළඹට අවශ්‍ය බීමට ගන්නා ජලය සීමා කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තාවෙයි.

මීට හේතු වී ඇත්තේ ජලාශවල ජලය සීඝ්‍රයෙන් පහත බසිමින් පැවතීමයි.

රජයේ ඉහල ප‍්‍රකාශකයෙකු පැවසුවේ කොළඹට ජලය සපයන කැලණි ගඟට ජලය මුදා හරින කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ වල ජලය වේගයෙන් සිඳී යාම සිදු වෙමින් ඇති නිසා පෙබරවාරි හෝ මාර්තු මාසය වන විට මෙසේ ජලය සීමා කිරීමට සිදුවනු ඇති බවයි.

දැනට විදුලිය නිපදවීම සඳහාද ජලය බහුලව භාවිතා කරන නිසා ජලය සිදී යාමේ වේගය අනුව විදුලිය නිපදවීම සීමා කර බීමට අවශ්‍ය ජලය ලබා දීමට එම ජලාශ භාවිතා කිරීමට සිදුවන බව එම ප්‍රකාශකයා පැවසීය.

ජල මට්ටම් පහළ බැසීම මත ද හදිසි වර්ෂාවක් ඇති නොවුණහොත් ජලය තවදුරටත් සීඝ‍්‍රයෙන් අඩුවනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 

No comments

Ads Place