Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එපා කියූ පොහොර සමාගමෙන්ම තවත් පොහොර නැවක් එයි..

යල කන්නයේ නයිට්‍රජන් අඩංගු කාබනික පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආන්දෝලනයට තුඩුදුන් චීන පොහොර සමාගමෙන් අලුත් පොහොර තොගයක් මෙම මාර්තු මාසයේ ද...

යල කන්නයේ නයිට්‍රජන් අඩංගු කාබනික පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආන්දෝලනයට තුඩුදුන් චීන පොහොර සමාගමෙන් අලුත් පොහොර තොගයක් මෙම මාර්තු මාසයේ දී ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇත.

කාබනික පොහොර තොගයට මුදල් ගෙවා සමථයකට පත්වීමේ එකඟතාවයට අනුව මේ වන විට චීන සමාගමට ඩොලර් මිලියන 6.2ක මුදලක් ගෙවා ඇතැයි ද මෙරටට පොහොර තොගය ලබුණු පසු ඉතිරි මුදල් අදාළ සමාගමට ගෙවීමට කටයුතු යොදා ඇතැයි ද සීමාසහිත කොමර්ෂල් පාහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන පැවසීය.

ආනයනය කෙරෙන පොහොර තොගයේ සාම්පල ජාතික ශාක නිරෝධායන සේවය මගින් සේම චීන සමාගම පාර්ශ්වයෙන්ද ස්වාධීනව පරීක්ෂා කිරීමට නියමිතය.

එමෙන්ම, චීන පොහොර නැව මෙරටට පැමිණි පසු පොහොර තොගය ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහ ප්‍රමිති ආයතනයේ පරීක්ෂණාගාරවල දී පුළුල් පරීක්ෂාවකට ලක් කෙරෙන බව සභාපතිවරයා කීවේය.

 

No comments

Ads Place