Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම සමග පිලිසදර කියූ වැඩ නොකෙරුනැයි යූ ටියුබයට කී ගම්වැසියන් පොලිසියට කැදවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට පැමිණ ලබා දුන් උපදෙස් මත නිලධාරීන් වැඩ කර නැති බවට එම ප්‍රදේශය...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට පැමිණ ලබා දුන් උපදෙස් මත නිලධාරීන් වැඩ කර නැති බවට එම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු අන්තර්ජාල නාලිකාවකට ලබාදුන් තොරතුරු පිළිබඳව පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගම සමග පිලිසදරේදී රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරයා යම් උපදෙස් ලබා දුන් නමුත් මේ දක්වා ඒවා ක්‍රියාත්මක නොවූ බව මීමුරේ වැසියන් විසින් අන්තර්ජාල නාලිකාවකට සඳහන් කර තිබිණි.

එය ප්‍රචාරය වූ පසුව මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු ඒ පිළිබඳව උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව ප්‍රකාශ ලබාදුන් මීමුරේ වැසියන් පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වැසියන් සඳහන් කරන්නේ තම ගමට සිදු වූ අසාධාරණය පිළිබඳව තමන් අන්තර්ජාල නාලිකාවකට මෙසේ ප‍්‍රකාශ ලබාදුන් බවයි

 

No comments

Ads Place