Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්න නියමිත තෙල් නැව තවම එන්න කිසි සූදානමක් නෑ..

ජනවාරි 25-26 දිනවල මෙරට ළඟාවීමට නියමිත තෙල් නැව මේ වන විට අදාල ස්ථානයෙන් පිට වීමට වත් සූදානම් කර නැතැයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජත...

ජනවාරි 25-26 දිනවල මෙරට ළඟාවීමට නියමිත තෙල් නැව මේ වන විට අදාල ස්ථානයෙන් පිට වීමට වත් සූදානම් කර නැතැයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

ඉදිරියේදී දැවැන්ත ප්‍රශ්න රාශියක් උදා වීමට නියමිතව ඇති බවත් මෙය සඟවා කතා කළ යුතු තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියා සිටී.

බොරතෙල් ගෙන්වීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති බවත් සියලූ බලධාරීන් තමන් තමන්ට කළ හැකි උපරිම කැපකිරීම් කරමින් මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place